බිමල් ෂ්‍යාමන් ජයසිංහ
සීතාවක රජ්ජුරුවන් අයත් බවට සැලකෙන මිල කළ නොහැකි මැණික් ,දියමන්ති ඇතුළු පුරා වස්තු සොරා ගැනීම සදහා කලුඅග්ගල ,ලබුගම ,කලටුවාව ජලාශය ආසන්නයේ වක් ඔයේ නිදන් සොයමින් සිටි පිරිසෙන් අයෙකු අද (4) දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය කියයි.
එහිදී පුද්ගලයන් 5 දෙනෙකු අදුරේම පලා ගිය බව පොලිසිය සදහන් කරයි .
එම වක් ඔයේ තිබී ජලයේ ගිල්විය හැකි වතුර මෝටර් 3 ක් ,ඉල්ලන් කූරු 3 ක් ,ගල් විදින යන්ත්‍රයක් ,කපන කටු 2ක්, විශාල ප්‍රමාණයේ මිටියක් ,ටොන් එකක බර උසුලන ස්වංක්‍රීය යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන අතර අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි අයෙකු වන අතර ඔහු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .


2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වක් ඔය ආසන්නයේ නිධන් සොයන්න ගිය අයෙක් අත්අඩංගුවට