(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මස්කෙළිය, ලෙමන්මෝරා පෞද්ගලික තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් එහි වතු පාලනාධිකාරියට එරෙහිව අද (06) එම තේ වත්තේදී උද්ඝෝෂණයක නිරත වූහ.
අද දින දෛනික සේවයට වාර්තා නොකර මෙම උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුපාලනාධිකාරිය මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් රැසක් ලබා නොදෙන බවයි.
සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට වසර 20 ක පමණ කාලයක් තිස්සේ මුදල් බැර කර නොමැති බවත් මිය ගිය හා විශ්‍රාම ලැබූ බොහෝ සේවකයින් සඳහා ලැබියයුතු දීමනා කිසිවක් මේ දක්වා ලබා නොදී ඇති බවත් ඔවුහු කීහ.
අක්කර 188 කින් සමන්විත තේ වතුයාය නිසි නඩත්තුවක් නොකීරීම නිසා මේ වන විට කැළෑ වැදී ඇති බව පවසන එම කම්කරුවෝ සේවා කාලයේදී සර්පයන් දෂ්ඨ කිරීම නිසා දැඩි ජීවිත අවදානමක් පවතින බවත් කියා සිටිති.
නිවාස, සෞඛ්‍ය,ප්‍රවාහන, මාර්ග වැනි මූලික පහසුකම් පවා තමන්ට වසර 20 කට ආසන්න කාලයක් නිසි ලෙස ලබාදීමට වතුපාලනාධිකාරිය අපොහොසත්වී ඇති බවත් ඡන්දයක් ආසන්නයේ ඡන්ද ලබා ගැනීම සඳහා පැමිණෙන දේශපාලනඥයින්ද තමන් බලාපොරොත්තු අස්සේ අතරමංකර අවස්ථාවාදී අයුරින් ක්‍රියාකරන බවත් ඔවුහු පවසති.
දැඩි දුෂ්කර ජීවිතයක් ගෙවන තමන්ගේ ඉල්ලීම් ඉටුකරදෙන ලෙස මෙම ජනතාව ලෙමන්මෝරා තේවතුයායේ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලෙමන්මෝරා කම්කරුවෝ උද්ඝෝෂණයක