IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ 5 දෙනාට ඇප


 
ඩී.ජී.සුගතපාල                                          

  
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ  සිසුවියකට  අමානුෂික ලෙස නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි දෙවැනි වසරේ සිසුවෙකු හා සිසුවියන් හතර දෙනාගෙන් එක් අයකු රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය අද (3) නියෝග කළාය.


ඇප නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කරමින්  ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වලට සම්බන්ධවී තිබුණොත් ඇප අවලංගු කරන බවද පැවසුවාය.

මෙසේ ඇප මත මුදා හරිනු  ලැබුවේ එම ආයතනයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන හෙට්ටිආරච්චිගේ උදිත නිරෝෂ, අබේගුණවර්ධන සමරසිංහ රසික දිල්ශානි, සමරක්කොඩි මලිදුව ආරච්චිගේ නදීකා ප්‍රියදර්ශණි, මොහොට්ටිගේ චන්ද්‍රිකා දර්ශනී, පහලවත්ත හෙට්ටිගේ යුරේකා ලක්රුවනී යන සිසුවා සහ සිසුවියන් සිව් දෙනාය.


බෙලිඅත්ත  ප්‍රදේශයේ සිට පැමිණ ඇති පළමු වසරේ සිසුවියක් තමාට අමානුෂික ලෙස නවකවදය දෙන බව පවසා ඉකුත් 19 වැනි දා අක්මීමන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.


ඒ අනුව පරික්ෂණ පැවැත්වීමෙන් පසු පොලිසිය සැකකාර සිසුවා සහ සිසුවියන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඉකුත් 20 වැනි දා සවස අතිරේක මහේස්ත්‍රාත්වරිය  වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.



අදහස් (0)

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ 5 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site