IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලිපිකරුත් - කාර්ය සහායකයාත් නිදොස්කොට නිදහස්

(උපාලි ආනන්ද)
 
ව්‍යාජ විස්තර සහිත අදායම් සහතිකයක් සකස් කළ බවට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකරුවෙකු සහ කාර්යාල කාර්ය සහයකයෙකු එම චෝදනාවෙන් නිදොස්කර නිදහස් කර මුදා හරින  ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
 
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ නාච්චාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කල ලිපිකරුවෙකු වන ඉපලෝගම ගෝනපතිරව මානාව ෆාම් හවුස් ලිපිනයේ සරත් සිසිල් රාජකරුණා  නැමැති ලිපිකරුවෙක් සහ එම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේම කාර්යාල කාර්ය සහයකයෙකු වන අනුරාධපුර සුචරිතගම ලිපිනයේ ඩබ් ගිරිගෝරිස් යන සැකකරුවන්ය .
 
2014 වසරේ ඔක්තෝබර් මස 5 වන දින හේ ඊට ආසන්න  දිනයක  නාච්චාදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 259 තුලානේ  ග‍්‍රාම නිලධාරිණියගේ අත්සන සහ නිළ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගෙන සැකකරුවන් මෙම වරද සිදු කර ඇති බවට අනුරාධපුර පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය  ඔවුනට  එරෙහිව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර පොලිස් විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන්  පෙනී සිටියේයෙ.             
 

 



අදහස් (0)

ලිපිකරුත් - කාර්ය සහායකයාත් නිදොස්කොට නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site