(විමුක්ති සංජය පෙරේරා)
රිදීමාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශයේ සිට මහියංගන පගරගම්මන දෙසට බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (25) සිය බාරයට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකටයුතු ලොරි රථයේ රියදුරා පොලිසිය දැක රථය දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. පලාගිය සැකකරු සොයා ප්‍රදේශයේ විශේෂ පොලිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී ලක්ෂ තුනක් පමණ වටිනා, උළුවහු සදහා ඉරූ තේක්ක දැව කැබලි 136ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් ලොරි රථය සහ දැව තොගය ලබන 27 වැනිදා මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ තුනක තේක්ක පැටවූ ලොරිය දමා රියැදුරු පැන යයි