(ඩබ්. ඒ. පියතිලක)
වැලිකන්ද වඩුමුණේ මිරන්ඩවිල් රක්ෂිත වන ප්‍රදේශයේ අනවසරයෙක් කපා ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි බුරුත, පළු සහ කොහොඹ දැවකඳන් තොගයක් වාලච්චේන පොලිසිය විසින් අද(30) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැව කඳන් තොගයේ වටිනාකම ලක්ෂ 50 අධික බව හඳුනාගෙන ඇත.
විවිධ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් කලක පටන් පවත්වාගෙන ගිය මෙම අනවසර දැව කැපීම පවත්වාගෙන ගොස් ඇතැයි හෙළි වී තිබේ.
වැලිකන්ද යුද හමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ ආරක්ෂක අංශ විසින් සොයාගැනීමෙන් අනතුරුව වාලච්චේන පොලිසියට කළ දැනුම්දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂක අංශ පැමිණීමේදී පලාගොස් ඇති බවත් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බවත් ඔවුන් නීතිවිරෝධී ගිනි අවි පවා භාවිතා කරන බවත් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් දැව තොගය අද(30) දින වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 50ක දැව කඳන් තොගයක් අත්අඩංගුවට