IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක්ෂ 30 ක ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)


කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 24 ග‍්‍රෑම් 180 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම පේසාලේ, ඕලූතුඩුවායි ප‍්‍රදේශයේදී අද (30) උදෑසන මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගනු ලැබීය.
             මහා පරිමාණයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් අනුව පොලිස් උපාය ධූතයකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය පැවසීය.


            සැකකරුවන් දෙදෙනා පොලිස් උපායධූතයාට අලෙවිකිරීම සඳහා පොහොර උරයක දමා කේරළ ගංජා තොගය රැගෙන යතුරු පැදියකින් පැමිණි සිටියදී වැටලීම සිදුකළ බවද සඳහන් කළේය.



අදහස් (0)

ලක්ෂ 30 ක ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site