(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයේ පුද්ගලික සංචාරක නිකේතනයක හිමිකාර ජර්මන් ජාතිකයකුගේ රුපියල් ලක්ෂ 20ක් සොරකම් කළ බව කියන පුද්ගලයකු අද (07) වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.
වසර 2 1/2ක පමණ සිට සැකකරු එම හෝටලයේ සේවය කර ඇතැයි පොලිසිය කියයි.
අලුත්වැඩියා කිරිමට ගරාජයකට දුන් බව කියමින් ජර්මන් ජාතිකයාට අයිති යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් ආයතන දෙකකට දෙවතාවකදී උකස් තබා මුදල් ලබාගෙන ඇතැයිද පොලිසිය කියයි.
මෙම සංචාරක හෝටල් හිමිකරුගේ පුද්ගලික කාමරය පිරිසිදු කරන මුවාවෙන් මුදල් සොරකම් කර ඇතැයි ද කියැවේ.
අත්අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂ 5ක් සහ යුරෝ 500යේ නොට්ටුවක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.
මේ අතර සොරකම් කරන ලද මුදලින් රුපියල් ලක්ෂ 5ක් මොටර් රථයක් මිලදිගැනිමට පානදුර ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අත්තිකාරම් ගෙවා ඇති බවත් අනිකුත් මුදල් මත්ද්‍රව්‍ය පානයට සහ විනෝදවීමට වියදම් කර ඇතැයි පොලිසියට පවසා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 20ක් හොරකම් කළැයි අයෙක් සැකපිට
Pradeep Liyanage Friday, 08 September 2017 05:47 AM
අලින් යන මග නොදකින නමුත් කුහුඹුවන් යන මග මනාව දකින අපේ නිතිය සහ නිලධාරීන්...