සිතුම් චතුරංග
යාපනය සිට පුත්තලම දක්වා කැබ් රථයකින් රුපියල් ලක්ෂ 16 වටිනා කේරළ ගංජා කිලෝ 13 රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අද (28) අලුයම වවුනියාව, කනගරායන්කුලම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.
කනගරායන්කුලම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එම රථයේ අසුන් යට සහ කැබ්නය තුළ සඟවා තිබූ කේරළ ගංජා සොයා ගෙන ඇත.
එසේ සඟවා කැබ් රථයේ තිබූ කේරළ ගංජා පාර්සල 13 ක් සොයා ගෙන ඇත.
යාපනය ප‍්‍රදේශයේ සිටින කේරළ ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිලදී ගෙන පුත්තලම ප‍්‍රදේශයට රැගෙන යමින් සිටි බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 23 අතර වයසේ පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 16 ක ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට