IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ හයක මැණිකක් සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

කුමාර ද සිල්වා
 
බේරුවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට අයත් රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා කැරට් හමාරක් බරැති "බ්ලු සපායා" වර්ගයේ නිල් මැණික් ගලක් සොරකම් කළ 32 හැවිරිදි සැකකරුවකු අද (2) බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මැණික් ව්‍යාපාරිකයා පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලින් පසුව සැකකාර පුද්ගලයා සහ එම මැණික් ගල මහරගම ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ.


මැණික් ව්‍යාපාරිකයා විසින් එම මැණික ඇතුළු මැණික් තොගයක් සිය නිවසේ දී ගැනුම්කරුවන්  පිරිසකට පෙන්වමින් සිටියදී සැකකරු එම මැණික සොරකම් කර තිබෙන බව අනාවරණය වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (2) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ලක්ෂ හයක මැණිකක් සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site