ශ්රී ලංකාව වටා මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත පිළිගැන්වීම අද (28) සිදු කෙරිණි.
නොර්වේ සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තිරයේ මෙම ගවේෂණය සිදු කළේය.
කොළඹ පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී එම වාර්තාව ගවේෂණ කණ්ඩායමේ සාගර විද්‍යාඥන් විසින් අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එම ගවේෂණය මගින් ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ඇති සාගර සම්පත් පිළිබද දත්ත රැසක් රැස්කරගැනීමට හැකි වී තිබේ
1978 වසරෙන් පසු ශ්‍රී ලංකාව වටා මුහුදේ මෙවැනි ගවේෂණයක් සිදු කළ පළමු අවස්ථාව මෙය වේ .
2018.වසරේ ජුනි මස 23 දින සිට ජුලි මස 16 දින දක්වා පුරා දින 25 ක් පුරා මෙම සාගර ගවේෂණය සිදු සිදු කර තිබේ.
ඉතාමත් දියුණු තාක්‍ෂණික මෙවලම් සහ නවීන රසායනාගාර පහසුකම් වලින් සමන්විත DR.Fridtjof Nansen නෞකාව මෙම සාගර ගවේෂණයට එක් විය .
ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍ය අතර පවතින අන්තර් සහයෝගිතාව අනුව මෙම ගවේෂණය සිදු කෙරුණු අතර , ඒ සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය ජලජිවි විද්‍යාඥයින් , ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මෙන්ම නොර්වේ ධිවර හා සාගර විද්‍යාඥයින් ඇතුළු 75 දෙනෙකු එක්ව සිටියහ.
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලංකාව වටා මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධීවර රාජ්‍ය අමාත්‍යවරයාට