
(නිමල් ජයරත්න)
මෙවර මහ කන්නයේ වී වගා කිරීම සඳහා කඩිනමින් රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බල කරමින් වැලිකන්ද ගම්මාන රැසක ගොවීන් පිරිසක් පැරකුම් යාය වෙල්යායට පැමිණ 14 වෙනිදා,දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
සමගි ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණය සඳහා,පැරකුමි යාය, මහවැලිතැන්න. සිංහපුර. දිඹුලාන, ඇතුළු අවට ගම්මාන කිහිපයක, සිංහල, මුස්ලිම් ගොවීන් මෙන්ම ගොවි සංවිධානවල නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසුවේ ගොවියා මතින් පාර්ලිමේන්තුවට ගිය පොලොන්නරුව නියෝජනය කරන ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනාට ගොවියා සමග එක්වී රසායනික පොහොර සහනාධාරය ලබා දීමට හඬක් නගා ගොවියා වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.
මෙහිදී ගොවීන් සහ ගොවි නියෝජිතයින් සඳහන් කළේ පස හා සියලු බීජ වර්ග රසායනික පොහොරවලට හුරු වී ඇති බැවින් කාබනික පොහොර නොදී රසායනික පොහොර ලබා නොදීමට රජය ක්‍රියා කළහොත් මෙවර මාදුරු ඔය ජලාශයට ජලය නිකුත් කෙරුවද වී වගාව සම්පූර්ණයෙන් අත් හැරීමට කටයුතු කරන බවයි.
මෙහිදී ප්‍රදේශ්යේ ගොවීන් පිරිසක් රසායනික හා කාබනික පොහොර වලින් වගා කෙරූ වගාව්න් කිහිපයක් ද මාධ්‍යයට පෙන්වා එහි වෙනස පෙන්වමින් රසායනික පොහොර යොදා වගා කෙරේ වගාවල සාර්ථකභ භාවය පෙන්වීමට ද කටයුතු කළහ.
මෙම අවස්ථාවට ප්‍රදේශ්යේ ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ගොවීහු හාරසියයකට අධික පිරිසක් එක්ව සිටිය.
ගොවින් වෙල් යායට බැස උද්ඝෝෂණය සිදුකරන අවස්ථා සහ රසායනික පොහොර භාවිතයෙන් වගා කරලන ලද සාර්ථක අස්වැන්නක් අත් ට්‍රැක්ටරයක තබා පෙන්වන අයුරු පින්තූර මේල් කළා.

2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රසායයනික පොහොර ඉල්ලා වැලිකන්දේ ගොවීහු උද්ඝෝෂණයේ