IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රථවාහන නිතියේ පන්තිභේදයක් යතුරුපැදිකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක්


 
 
බිඟුන් මේනක ගමගේ 
 
යතුරුපැදි සයිලන්සර්වලට ශබ්දයේ සීමාවක් පැනවීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
 
සයිලන්සර් ශබ්දයට මේ වනවිට රුපියල් පනස් දහසේ සිට ලක්ෂ තුන දක්වා දඩ අය කරන නමුත් ඊට නීත්‍යනුකූලව පැනවූ ශබ්දයේ සීමාවක් නොවීමෙන් පොලිසිය හිතු මනාපයට දඩ ගැසීම් කරන්නේ යැයි එම සංගමය චෝදනා කරයි. 
 
අධිබලැති ලැම්බොගිනි, ඇස්ටින් මාටින් ආදී මෝටර් රථවලට මෙම නීතිය බල නොපෑම පුදුම සහගත යැයි ද මේ නිසා රථවාහන ශබ්දය සම්බන්ධ නීතියේදී ඊට පංතිමය මුහුණුවරක් ලැබී ඇතැයි ද එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පවසයි.
 
වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් යතුරු පැදිවලින් වාර්තාවීම යන තර්කය පදනම් කරගෙන මෙම දඩගැසීම සාධාරණය කිරීමට පොලිස් රථවාහන අංශය උත්සාහ කළ ද ඊට කිසිදු තාර්කික පදනමක් නැතැයි ද එනිසා මෙම කාරණය සමබන්ධයෙන් විමසා බලා නීතිය නිවැරුදිව ස්ථාපිත කිරීමට මැදිහත් වන්නැයි ද එම සංගමය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටීයි. 



අදහස් (0)

රථවාහන නිතියේ පන්තිභේදයක් යතුරුපැදිකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site