(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුරයේ කොවිඞ් 19 වයිරසය අාසාදිතව වු පස්දෙනා එකම පවූලේ ඥාතීන් වන අතර, ඔවුන් අතරින් පළමු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ රත්නපුරයේ එම රෝගය වැළඳුණ අය ගෙන් පළමුව සුවය ලැබූ තැනැත්තියද වෙයි.
මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කය තුල පුරා දින 21ක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන් 1047 සිටිනා බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ.බී.කන්නන්ගර මහතා පවසයි.
කොවිඞ් 19 වයිරසය අාසාදිත රත්නපුර මුද්දුවේ පදිංචි පළමු කොරෝනා ආසාදිතයා වන මැණික් ව්‍යාපාරිකයා සමඟ සමීප ව ඇසුරු කළ අය සහ ඔහුගේ පවුලේ ඥාතීන් වන රත්නපුර පැල්මඩුල්ල ප‍්‍රදේශවලින් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ පිරිසට මෙම වයිරසය අාසාදිතව නැතැයි තහවුරුවී ඇත.
එම පුද්ගලයන් නැවත නිවෙස් කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම රෝගය වැළඳුණු මැණික් ව්‍යාපාරිකයා (48) සහ ඔහුගේ දියණියත්(23) පුත‍්‍රයාත් (15) මෙන්ම ඔහුගේ මවත් (62) මේ වනවිට කොළඹ අයි ඞී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන බව සෞඛ්‍ය අංශ පවසයි.
රත්නපුර පළමු කොරෝනා ආසාදිතයාගේ බිරිඳ එම රෝගයෙන් සුවය ලැබූ පසුව කොළඹ අයි.ඞී.එච් රෝහල සිට ඉකුත් 10 සිකුරාදා පස්වරුවේදී මුද්දුව ප‍්‍රදේශයේ ඔවුන්ගේ නිවසට පැමිණි ඇත.
ඇය එම නිවසට පැමිණීමට පළමුව රත්නපුර මහ නගර සභාව සහ සෞඛ්‍ය අංශ එක්ව එම නිවස හා අවට ප‍්‍රදේශය විෂබීජහරණයට කටයුතු කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2455
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්නපුරේ 1047 ක් තවම නිරෝධායනය්