(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
නිරෝධනය ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ බලන්ගොඩ රජවක රක්ෂිතයේ මැණික් ගැරු පුද්ගලයන් හතර දෙනෙක් සදහා එක් අයෙකුට රුපියල් 25000 ක බැගින් රුපියල් (100,000) ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (12) දා නියෝග කලේය.
රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු විම යන චෝදනාව යටතේ එක් අයෙකුට රුපියල් 10,000 බැගින් 40,000 ක සහ රක්ෂිතයේ මැණික් ගැරිම යන චෝදනාවට එක් අයෙකුට රුපියල් 15000, බැගින් රුපියල් 60,000 ක දඩ මොවුන්ට නියම විය.
ඉකුත් අප්‍රේල් (04 ) වැනිදා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇතුළු මොවුන් සිවි දෙනා රජවක රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
පසුව මොවුන් මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ගේ අධික්ෂනය යටතේ නිරෝධනයට ලක් කර එම කාලය අවසන් විමත් සමග අද (12) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර,බලන්ගොඩ රජවක සහ මුල්ගම ප්‍රදේශවල පදිංචි රංජිත් කුමාර , මදුරංග කුමාර ,සහ සිසිර කුමාර යන අයට මෙලෙස දඩ නියම විය.
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජවක රක්ෂිතයේ මැණික් ගැරූ අයට දඩ