IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට තවම විසඳුමක් නෑ

(රංජන් කස්තුරි)

රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට දින 50ක් ගතව ඇතත් ඊට තවමත් විසඳුමක් නැතැයි රජරට විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් අකුරට වැඩකිරීමේ  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භකර මේ වනවිට දින 50ක් ගතව ඇතත් ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇතැයිද රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ආර්.නන්දසිරි මහතා පැවැසීය.

රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට ලබාදුන් රඳවා ගැනීමේ දීමනාව අත්හිටුවීම නිසා ආචාර්යවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර සිටින අතර එම නිසා සිසුන්ගේ අවසන් වසර විභාග කල් දැමීමට සිදුව ඇතැයිද ඔහු කීය.

රජරට වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ රඳවාගැනීමේ දීමනාව යළි ලබාදෙන්නැයි ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉකුත් ඔක්තෝම්බර් මස 26 වැනිදින ලිඛිත දැනුම්දීමක් කර ඇතත් කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට පියවර ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.

රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් 6කට අයත් සිසුන් 1080 ක් අධ්‍යාපනය ලබන අතර ශිෂ්‍ය නේවාසිකාගාර කියවීම්ශාලා වැනි භෞතික සම්පත් රැසක හිඟයක් පවතින බවද ඔහු කීය.



අදහස් (0)

රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට තවම විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31895 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14358 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11193 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 252 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1197 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site