IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක

(දයාරත්න ඇඹෝගම)
 
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරු අද(21) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
බාල වර්ගයේ බෙහෙත්  වර්ග ගෙන්වා රෝගීන්ගේ ජිවිත අනතුරට පත්කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන්නැයි ඉල්ලා ඔවුහු පැයක පහණ කාලයක් විරෝධතාවයේ යෙදුණහ.
 
මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතාන මහතා මෙසේ පැවසීය.
 
“මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත වනසන්න එපා. ඉදිරියේදි පත්වන සෞඛ්‍ය අමාත්‍යවරයා කවුරු වුණත් ජනතාවගේ ජීවිතවලට වගකියන පුද්ගලයෙකු පත් විය යුතුයි. සීමාවාසික වෛද්‍යවරු රජයේ රෝහල්වල නැහැ, අදට අවුරුදු තුනක් වෙනවා. රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා නිදි. රෝහල්වල ඖෂධ නැහැ. අපි රජයට කියනවා ඖෂධඔවලින් කොමිස් ගහපු රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා රටට පරමාදර්ශය දෙන්න කියලා.”

මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා මෙසේ පැවසීය.

“මේ වනවිට විගණකාධිපති වාර්තාවෙන් රටට හෙළිදරව්වෙලා තිබෙනවා බාල වර්ගයේ ඖෂධ රැසක් ගෙන්වලා තිබෙනවා කියලා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා බාල ඖෂධ ගෙන්වලා මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන තියෙනවා. පිළිකා රෝගීන්ට දෙන්න ගෙනැත් තිබෙන්නේ තත්වයෙන් බාල බෙහෙත් වර්ග. මේ වනවිට රෝගී ජීවිත රැසක් ඝාතනය කරලා තිබෙනවා.

රජයට පවරා ගෙනත් නොමැති නෙවිල් ප්‍රනාන්දු රෝහලට මේ වනවිට බිලියන පහකට වැඩි මුදල් ප්‍රමාණයක් පොම්ප කරලා තිබෙනවා. මේවා ජනතා මුදල් අවභාවිතා කිරීමක්. මහජන මුදල් හොරකම් කරපු ඇමති රාජිත ඉන්න ඕනේ හිරේ. ඇමතිවරයාට විරුද්ධව තවම පරීක්ෂණයක්වත් වෙලා නැහැ. අපි රජයට වහාම බලකර සිටිනවා රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා වහාම ඔහු හිරේ දාන්න කියලා. රජය මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් රටේ සියලුම වෛද්‍යවරු, සියලුම වෘත්තිකයන්, ජනතාව එකතු කරලා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා” යැයිද හෙතෙම පැවසීය.



අදහස් (0)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 739 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site