(ජයරත්න වික්‍රමාරච්චි)
මෙවර මහ කන්නයේ නියමිත පරිදි වර්ෂාව නොලැබීම හේතුවෙන් ප්‍රමාද වී තිබූ රාජාංගනය ව්‍යාපාරයේ වගා කටයුතු ආරම්භ කිරීමට කොන්දේසි සහිතව රාජාංගනය ජලාශයෙන් අද (10) ජලය නිකුත් කළ බව එහි ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි.
අඩු ජල ධාරිතාවක් යටතේ වූවද ගොවීන්ගේ ඉල්ලීම පරිදි කොන්දේසි සහිතව මෙලෙස ජලය නිකුත් කළ බව එම කාර්යාලය පවසයි.
කොට්ඨාස සහකාර චන්දන උක්වත්ත මහතා පැවසුවේ රාජාංගනය ජලාශයේ ජල උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 81600 ක් වු නමුත් මේ වනවිට එහි පවතින්නේ අක්කර අඩි 36620ක් පමණක් බවයි.
ඒ අනුව ඉහළ සහ පහළ වශයෙන් කොටස් දෙකකට බෙදා මූලිකව දින 10ක් එක දිගට ජලය නිකුත් කිරීමටත් එතැන් සිට පසුගිය කන්නවල මෙන් දින දහයකට වරක් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමටත් තීරණය කර තිබේ.

2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජාංගන ජලාශයෙන් ජලය කොන්දේසි සහිතව