(රෝවන් පෙරේරා)
කුඩා මැදවච්චිය ප්‍රදේශයේ රෝගීවී සිටි අලි පැටවකු කරුවලගස්වැව වනජීවී කාර්‍යාලය අසලට රැගෙන ඒමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12) රාත්‍රියේදී කටයුතු කළේය.
කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක රෝගීවී වැටී සිටී වයස අවුරුදු පහක පමණ වන අලි පැටවා ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම අනුව ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බව කරුවලගස්වැව වනජීවී නිලධාරීහු පැවසුහ.
දින 10 පුරා ප්‍රතිකාර ලබමින් සිටී අලි පැටවා අද (13 ) වෛද්‍යවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව වනජීවී කාර්‍යාලය අසල පිහිටි තබ්බෝව ජලාශයට රැගෙනවිත් වැව් තාවල්ලේ පිහිටි ගසක බැඳ තබා ඇති අතර අලි පැටවා ජලාශයට බැස සිටී.
අලි පැටියා සිටින ස්ථානයට රුපියල් 30,000 පමණ වටිනා සූර්‍ය බල විදුලි පහනක් සහා සෝලා පැනලයක්ද තම මියගිය පුතාට පිං පිණිස ලබාදුන් බවත් අමාත්‍යවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට