IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝගීන් 150 කගේ ඇසේ සුද ඉවත් කරයි

(  එච්.චන්දන )

පුත්තලම මූලික රෝහලේදී  පැවති විශේෂ අක්ෂි ශෛල්‍යකර්ම වැඩ සටහනේ දී  ඇසේ සුද නම් රෝගී තත්තවයෙන්  පෙළුණු  රෝගීන් 150  ඇසේ පෙනීම ලබා දිමට  හැකි වූ බව පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍යය  එම්.ජවුසික් මහතා  පැවසීය.
 
12 – 13 දින දෙක තුළ මෙම වැඩසටහන පැවැත්විණි.

 පුත්තලම මූලික රොහලේ  ඇති සාමාන්‍ය පහසුකම් යටතේ සතියකට රෝගීන් 20  පමණ  ඇසේ සුද ඉවත් කර කාච දැමීම සිදු කරනු ලබයි.  
 මේ ආකාරයෙන් දින දෙකක් තුළ රජයෙන් නොමිලේ ලබා දෙන කාච භාවිතා කරමින් මෙලෙස රොගීන්ට සත් කාර කිරීම විශේෂ  සිද්ධික් බව  වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේය. 
 

මේ රෝගීන් සියළු දෙනා වයසට යාම නිසා ඇසේ සුද ඇති වීමෙන් හේතුවෙන්  ඇස් නොපෙනී  තිබූ නමුත් , ඇස් දෙකම නොපෙනී තිබූ රොගීන් 05 දෙනෙක් මුල් දිනයේ හදුනා ගත් බවත් ඔවුන්ට එක් ඇසක් සදහා ඇසේ සුද ඉවත් කර කාච දැමීම සිදු කළ  බවත් මෙය ඒ අයට විශේෂ දෙයක් බවත් , ජනතාවට නොමිලේ වටිනා කාචයක් ලබා දීම මෙම කාර්ය මෙතරම් ප්‍රමාණයකට ඉටු කිරීමට මහගු පිටු වහලක් වූ බව මෙම වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය ගත් හිටපු අක්ෂි රෝග විශේඥ වෛද්‍ය චම්පා බානගල මහත්මිය  සඳහන් කළාය.
 

  පුත්තලම මූලික රෝහලේ  අක්ෂි රෝග විශේඥ වෛද්‍ය ධනුක වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන්  , සෞඛ්‍යය අමාත්‍යයංශයේ හා සෞඛය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගේ  මෙහෙයවීමෙන් හිටපු අක්ෂි රෝග විශේඥ වෛද්‍ය චම්පා බානගල මහත්මියගේ මූලිකත්වයෙන්  , වෛද්‍ය  වත්සලා ගුණසේකර  , වෛද්‍ය  ප්‍රදීපා බණ්ඩාර  ඇතුළු කොළඹින් පැමිණි වෛද්‍ය කාර්ය මණ්ඩලය ස්වෙච්ජාවෙන් හා පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හා පෞද්ගලික ආයතන කිහිපයකි මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දී තිබේ.



අදහස් (1)

රෝගීන් 150 කගේ ඇසේ සුද ඉවත් කරයි

ඒ.ඒ.නවරත්න Sunday, 04 April 2021 11:29 AM

උතුම් වැඩක්...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32193 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14664 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 64 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 332 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site