IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රක්ෂිතයක් බලෙන් අත්පත් කරගත් බව කියමින් නාවුල වැසියෝ උද්ඝෝෂණයක

(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්ද ජලාශයේ ජල උල්පත් පිහිටි නාඋල ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල රක්ෂිතය ‍ ව්‍යාපාරිකයෙකු අත්පත් කරගෙන ඇතැයි කියමින් පරිසර සංවිධාන කිහිපයක් සහ ඔපාල්ගල  ගම්වැසියෝ පිරිසක් අද ( 25) නාවුල නගර මධ්‍යයේ උද්ඝෝෂණක් පැවැත්වූහ. 

අනතුරුව නාඋල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලය ඉදිරිපිට ගොස් උද්ඝෝෂණයේ නිරත වූ ඔවුහු ඕපල්ගල රජයේ රක්ෂිතය අක්කර  තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික ව්‍යාපාරිකයකු  විසින් අත්පත් කරගෙන මහා පරිමාණ පරිසර විනාශයක් සිදු කරන බව පැවසූහ.

නාඋල ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත්වීම සහ විරෝධතා නිසා තාවකාලිකව ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමා තිබී නැවතත් රක්ෂිත ප්‍රදේශයට  ඇතුළු වී මහා පරිසර විනාශයක් සිදුකරන බවට ඔවුහු චෝදනා කරන්නට වූහ.

ඕපල්ගල රක්ෂිතයේ විශාල කඳු ගිරි සිඛර සහ ජෛව විවිධත්වයක් ඇති නකල්ස් කඳු පන්තියට අයත්  වනාන්තර බව ද ඔවුහු  කීහ.

නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා  ඩී. ජයසේකර  මහත්මියගෙන් විමසීමේ දී කියා සිටියේ තමන් මෙම ප්‍රදේශය පිළිබඳව සොයා බැලීමක් සිදු කළ බවය.  මහා පරිමාණයෙන් පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බවත් අධි  පරිසර සංවේදී කලාපය  කණ්ඩායමක් විසින් අත්පත් කර ගෙන තිබෙන බවද ඇය පැවසුවාය.

රාජකාරී මට්ටමෙන් කළ හැකි උපරිමය කර තිබෙන බවත් එහෙත් විවිධ බලපෑම් මත එම කණ්ඩායම් මෙම පරිසර පද්ධතියට ඇතුළු වී ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය. 

ලංකා බැංකුවට සිය ඉඩම සින්න වූ බව  ව්‍යාපාරිකයා පැවසූවද, බැංකුවෙන් මේ වනතුරුත් තමන්ට ඉඩම්වල මායිම් පෙන්වීම සිදු නොකර ඇතැයිද ලේකම්වරිය පැවසූවාය.

ඡායාරූප - ඉන්දික අරුණ කුමාර



අදහස් (1)

රක්ෂිතයක් බලෙන් අත්පත් කරගත් බව කියමින් නාවුල වැසියෝ උද්ඝෝෂණයක

Vajira Tuesday, 25 February 2020 08:48 AM

ඔක්සිජන් වල අගය දන්නේ නැති අමන දේශපාලකයින්ගේ බලපෑමට යටත් නොවී රාජකාරි කිරීමට ප්‍රාදේශීය ලේකම් තුමියට ශක්තිය ලැබේවා !මිගමුව පරිසර නිලධාරී දෙවානි මහත්මියගෙන් ආදර්ශයක් ගන්න මැතිනියනි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site