IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාපනයේ පාසල් දැරියගේ ඝාතකයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණයක්

රොමේෂ් මධුෂංඛ
 
යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු අවුරුදු 6 ක් වයසැති දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට වහාම දඬුවම් දෙන ලෙසට ඉල්ලා යාපනයේ පාසල් දරුවන් හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (26) සහ අද (27) දිනයන් හි උද්ඝෝෂණයන් සංවිධානය කර තිබිණි.


සුළිපුරම් පාසල සහ ඝාතනයට ලක්වූ ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඉගෙනුම ලබන කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසු දරු දැරියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් එක්ව පාසල් ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට  ගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසයි. 


මේ අතර අදාළ උද්ඝෝෂණයෙන් පසුව උද්ඝෝෂකයින් විසින් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවී සංදේශයක් ද බාරදෙමින් පැවසුවේ අදාළ දැරියගේ ඝාතනය පිළිබඳව බලධාරීන් දැනුවත් කොට දැරියගේ ඝාතනයට සම්බන්ධව විධිමත් පුළුල් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ලබාදෙන ලෙසටයි.


මේ වනවිට ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් හය දෙනෙකු වඩුක්කොඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

යාපනයේ පාසල් දැරියගේ ඝාතකයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site