IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංඛ
             
යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (29) අලුයම නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.

වයිමන් පාරේ පදිංචි පංචලිංගම් තුසීලන් නැමත්තාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයන්ගෙන් නිවස ඉදිරිපිට පිහිටි ත්‍රී රෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බව අසල්වාසීන් කියා සිටියද යාපනය පොලීසිය කියා සිටියේ මෙම ප්‍රහාරය මුදල් ආරවුලක් මත සිදු වූවක් බවට සැක කරන බවයි.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වූ අයට ත්‍රී රෝද රථ අලුත් වැඩියා අංගනයක් ඇති බවත් එහි පිරිස සමඟ පසුගිය දිනක අවස්ථා කිහිපයකදීම තවත් පාර්ශවයක් විසින් ආරවුලක් ඇතිකරගෙන තිබෙන බවත්  එහිදී පහර දීම්ද සිදුව ඇති බවත් මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇත්තේ එය බවත් යාපනය පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

 



අදහස් (0)

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site