රොමේෂ් මධුෂංඛ
යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් හා කොකුවිල් ප්‍රදේශවලදී රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව යාපනය හා චුන්නාගම් පොලීසිය පවසයි.
පළමු ප්‍රහාරය එල්ල වී ඇත්තේ යාපනය චුන්නාගම් ප්‍රදේශයේ නිවසකට වන අතර එහිදී යතුරුපැදි 4 කින් 8 දෙනෙකු මුහුණු ආවරණය කරගනිමින් පැමිණ නිවසේ තිබූ බඩු බාහිරාදියට හානි කර 15 හැවිරිදි සිවරාසා සාරුජන්ට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ තම පුතණුවන් යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ බව තුවාල ලැබූ සිවරාසා සාරුජන්ගේ පියා වන අරුනාචලම් සිවරාසා චුන්නාගම් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර යාපනය පොලිස් වසමේ පූනාරි මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේ දී ගමන් කරමින් සිටි තරුණයකුට ද ආවා කල්ලි ප්‍රහාරයක් එල්ල වී රෝහල් ගත කර ඇති බවට යාපනය පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ ආවා කල්ලි ප්‍රහාරයෙන් දෙදෙනෙකුට තුවාල