IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාන් ඔය වැලි ප්‍රවාහනයේ දී ප්‍රා.සභාව සම්බන්ධ කරගන්නැයි නියෝග

 

(උපාලි ආනන්ද)

වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියෙන් වැලි ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේදී හොරොව්පොතාන ප‍්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගන්නා ලෙස  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් මහතා භූ විද්‍යා හා පතල් හා කැණීම් කාර්යංශයට අද (14) නියෝග කළේය.

වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියේ සිට පිට පළාත් වලට වැලි ප‍්‍රවාහනය කරන ලොරි රථ වලින් කප්පම් ලබාගත් බව කියන කප්පම්කරුවන්  සතුව තිබූ බව කියන මුදල් බලහත්කාරයෙන් ලබා ගත් බවට හොරොව්පොතාන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව පැවැති  පැමිණිල්ලක් කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය  හමුවේ යළි කැදවූ අවස්ථාවේ විනිසුරු ප‍්‍රභාරකන් මහතා මෙලෙස නියෝග කෙරිණි.  

මීට පෙර මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ  නිකවැරටිය කොටිඨාස බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ සහ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොෂාන් සංජීව යන මහත්වරුන්ට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.  

වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියේ සිට පිට පළාත් වලට වැලි ප‍්‍රවාහනය කරන ලොරි රථ වලින් නීතිවිරෝධී ව මුදල් ලබා ගැනීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට  නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එලෙස  යම් සංවිධානයක් හෝ පුද්ගලයකු නීති විරෝධීව වැලි ලොරි රථ වලින් මුදල් ලබා ගන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා මෙම උසස් පොලිස් නිළධාරීන්ට තවදුරටත් නියෝග කරනු ලැබීය.

වැලි ලොරි රථ වලින් කප්පම්කරුවන් දිනකට රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් නීතිවිරෝධීව එකතු කරන බවත් මෙම නීති විරෝධී ක‍්‍රියාවන් ඉදිරියේ පොලිසිය නිහඩ පිළිවෙතක්  අනුගමනය කිරීම ප‍්‍රබල සැකයකට හේතුවක් වී ඇති බව  මීට පෙර ජනාධිපති නීතිඥ කරුනාර්න හේරත් මහතා අධිකරණයට කීවේය.  

පසුගිය කාලයේ මෙලෙස රුපියල් කෝටි ගණනක් මහජන මුදල් කප්පම්කරුවන් කොල්ලකා ඇති බවද එදින අධිකරණයට සැල කළ ජනාධිපති නීතිඥ හේරත් මහතා එම මුදල් නීති විරෝධීව එක්රැස් කළ පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි ලේඛන පවතින බවත් ඒ අනුව ඔවුන් පොලිසිය නෙපමාව අත්අඩංගුවට ගත යුතු බවත් අවධාරණය කළේය.

 



අදහස් (0)

යාන් ඔය වැලි ප්‍රවාහනයේ දී ප්‍රා.සභාව සම්බන්ධ කරගන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site