රොමේෂ් මධුෂංඛ
යාපනය,නවාලි ශාන්ත පීටර් දේවස්ථානය වෙත යුද සමයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජිවිතක්ෂයට හා තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පිරිසක් සිහිකරමින් 23 වැනි සැමරුම් වැඩසටහනක් ඊයේ (9) රාත්‍රීයේ යාපනය නවාලි ශාන්ත පීටර් දේවස්ථානයේ දී පැවැත්විණි.
1995 ජූලි 9 වැනි දා නවාලි හාන්ත පීටර් දේවස්ථානය වෙතට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් 147 දෙනෙකු හා තුවාල ලැබූ 200 ක් පමණ දෙනා සිහි කරමින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි.
යුද්ධය හේතුවෙන් ශාන්ත පීටර් දේවස්ථානයේ රැඳී සිටි අවතැන් වූ සාමාන්‍ය වැසියන් වෙතට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ශාන්ත පීටර් දේවස්ථානයේ වත්මන් ප්‍රධානී රෝයි බෙනඩික් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් 23 වැනි සැමරුම් අවස්ථාව විශේෂ දේව මෙහෙයක්ද සිදු කරමින් පැවත්වීය.
දේව මෙහෙයෙන් පසුව මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පූජා කර පහන් දැල්වීමක්ද සිදු කළ අතර එම අවස්ථාවට ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් හා උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් හා එම්.කේ. සිවාජිලිංගම් යන අයද සහභාගී වුහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යුද සමයේ දේවස්ථානයකට එල්ල වු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකෙරේ