IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාගොඩදී ජිප්රියක් දුම්රියක ගැටී අයකුට තුවාල

තිලකරත්න දිසානායක 
 
ගම්පහ  -  ගණේමුල්ල අතර යාගොඩ දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කළ ජීප් රථයක්  දුම්රියක ගැටීමෙන් අනතුරකට පත්ව අයෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ.

 
 කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්  අද (25) සවස යාගොඩ දුම්රිය ස්ථානයෙහි නවත්වා යළි ගමන් අරඹා දුම්රිය හරස් මාර්ගය අසලට පැමිණෙනවාත් සමග මාකිලංගමුව දෙස සිට මහනුවර  -  කොළඹ ප්රධාන  මාර්ගය දෙසට ගමන් ගැනීමට පැමිණ ඇති ජීප් රථය දුම්රියෙහි ගැටී තිබේ. 
 
දුම්රියෙහි ජීප් රථය ගැටීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු අතුරින් 26 හැවිරිදි අයෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලටඇතුලත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන  බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 
 
අනතුර සිදුවු යාගොඩ දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය හරස් මාර්ගයෙහි ගේට්ටුවක් නොමැති අතර වර්ණ සංඥා පමණක්  යොදා ඇති ස්ථානයකි.



අදහස් (0)

යාගොඩදී ජිප්රියක් දුම්රියක ගැටී අයකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site