IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මහර බන්ධනාගාර නිලධාරීහු දෙදෙනා සුවය ලබා පිටව යති

කවිතා සුබසිංහ 

මහර බන්ධනාගාරයෙන් රැදවියන් පිරිසක් පැනයාම වැළැක්වීමේ දී තුවාල ලැබ රෝහල් ගත කළ මහර බන්ධනාගාර නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි මහර බන්ධනාගාරය සඳහන් කරයි.     

රාගම රෝහලේ ප්‍රතිකාර ලැබු බන්ධනාගාර  නියාමක එච්.බි‍‍පොන්සේකා සහ නියාමක එස්.පි.එච්.විජේතුංග යන නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් මේ වන විට වෛද්‍ය නිවාඩු මත සිටින බව ද මහර බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
                                                           
මහර බන්ධනාගාර  නිරෝධනායන වට්ටුවේ රදවා සිටි සැකකරුවන් පිරිසක් ඉකුත් 03 වැනි දා බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරිමේදී දැඩි පරිශ්‍රමයක් දරා රැදවියන් නැවත අත්අඩංගුවට ගැනීමට යාමේ දී  සිදු වූ තුවාල හේතුවෙන් බන්ධනාගාර නියාමකවරු දෙදෙනා  රාගම වෙත ඇතුලත් කර තිබු අතර පොරබැදීමේ දී එක්  නියාමකවරයෙකු ගේ ඔලුව ට පලා යාමට තැත් කළ රැදිවියෙකු විසින් එල්ල කර තිබු පොලු පහරක් හේතුවෙන් රෝහල් ගත කළ එම නියාමකවරයා ගේ හිසට මැහුම් පහක් දමා ඇති බව ද මහර බන්ධනාගාරය ආරංචි මාර්ග සඳහන් කරයි.

පැනයාමට අදාලව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විශේෂ පරික්ෂන තව දුරටත් ක්‍රියාත්මක බව එම ආරංචි මාර්ග දන්වා සිටී.
 



අදහස් (0)

මහර බන්ධනාගාර නිලධාරීහු දෙදෙනා සුවය ලබා පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site