IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහනුවර සිරිය විඳින්න නව බස් සේවාවක්

(චමිල් රූපසිංහ)

මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් ආවරණය වන පරිදි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ බස් සේවාවක් අද(20) සිට ආරම්භ විය.

‍සෑම දිනකම පෙරවරු 8.30 ට මහනුවර නගරයෙන් ගමන් ආරම්භ කරන මෙම බස් රථයෙන් මහනුවර සිට පේරාදෙණිය උද්භිද උද්‍යානය දක්වා ඇති ඓතිහාසික වැදගත් කමකින් යුත් ස්ථාන වලට හා සාප්පු සංකීර්ණ වෙත ගමන් ගැනීමේ අවස්ථාව මගීන්ට ලැබේ.

නව ප්‍රවාහන සේවාව මධ්‍යම පළාත් සභාව, පළාත් සංචාරක දෙපාර්තමේන්තුව හා කලාපීය ආර්ථීක සහයෝගීතා ආයතනය ඇතුව ආයතන කිහිපයක මෙහෙයවීමෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා  මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (11)

මහනුවර සිරිය විඳින්න නව බස් සේවාවක්

සරත් Friday, 21 July 2017 02:27 AM

මහනුවරට ඕනේ මේවගේ තාවකාලික වැඩ නෙවයි. මහනුවර නගරය ඇතුලත තියෙන වායු දුෂණය නැති කරන්න බදු රහිත විදුලියෙන් දුවන බස් රථ ලබාදෙන්න. මහනුවර නගරය තුලට එන කෙටි දුර බස් රථ ප්‍රමාණය අධිකයි ,ඒවා ක්‍රමානුකුලව රජයේ මැදහත් වීම ඇතිව විදුලි බස් රථ වලට මාරු කල හැකයි .බදු රහිතව බෙන්ස් වැනි විදුලි බස් රථයක මිල බදු සහිත ඉන්දියන් බසයකට ආසන්නයි.

:       79       904

arunalu Friday, 21 July 2017 04:24 AM

මේකත් අර කටුනායක එයාර් පොර්ට් එකේ ඉඳල කොළඹට දාපු කොච්චියවගේ සුමානයක් දෙකක් දුවයි.

:       0       29

LASANTHA Friday, 21 July 2017 04:46 AM

හොද වැඩක්

:       0       9

ලුම්බිණි Friday, 21 July 2017 05:26 AM

බස් එකට වෙලා වාඩි වෙලා ඉන්න තමයි වෙන්නේ. දැනුත් පේරාදෙණියට යන්න යන වෙලාව දන්නවා නේ. මාලිගාව ඉස්සරහ පාර ඇරලා තිබුන නම් වැව වට වත් යන්න තිබුන.

:       62       119

wedage Friday, 21 July 2017 06:11 AM

අනුරාධපුරයටත් අටමස්ථානය වදින්න බස් සේවයක් දෙන්න සි ටි බි හොඳයි

:       0       10

බණ්ඩාර-කැකිරාව Friday, 21 July 2017 06:37 AM

"ලුම්බිණි කියනව වගේ උඩපෙරදෙනිය පාරෙන් ගියොත්නම් පේරාදෙණියට යන්න නම් විනාඩි 60 ක් විතර යනව. එබැවින් ,මෙම බස් සේවයේ එක ගමන් වාරයකට විනාඩි 120 වෙන් කලොත් වඩාත් සුදුසුයි. නුවර වැවේ සිහිල් සුලන් පොදක සුවය විදින්නට වැව රවුමේ වට දෙකක් වත් ගියොත් වඩාත් උචිත වෙයි ,එත් මෙම සේවාව ට්‍රැෆික් වෙලාවල් වලට පරිබාහිරව දියත් කරොත් වඩාත් සාර්ථක වේවි.

:       5       12

බණ්ඩාර (කැකිරාව ) Friday, 21 July 2017 06:41 AM

මේක හොද වැඩක් - අපි ඔබ සැමට සුභ පතමු .

:       0       2

පිටිගල මිලානෝ Friday, 21 July 2017 07:04 AM

මහනුවර නියම අසිරිය බලන්න නම් මේ බස් එකේ නැගලා පාසල් ඇරෙන වෙලාවට ගැටඹේ මහනුවර අතර රවුමක් යන්න. පැය ගානක් කට්ට අව්වේ එකම තැන ඉන්න පුළුවන්.

:       0       4

Nandalal DE SILVA - France Friday, 21 July 2017 11:48 AM

පහුගිය කාලේ ශ්‍රී දළදා මාලිගාව අසල දුම් දමමින්, සද්දේ පිට කරමින් රේසින් කාර්පැද්ද අයට වඩා මොළයක් තියෙන අය විසින් පටන් ගත් මේ සේවාව අතරමග නතර නොකරන්න. සාධාරණ මිලකට ටිකට් අලෙවිකර මේ ගමන් වාර තව තවත් වැඩිකරොත් මහනුවර නගරයට ඇතුල් වන වාහන ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. දුමෙන් ඇතිවන වායු දුෂණය අඩු වෙනවා නො අනුමානයි ...

:       17       59

chris Friday, 28 July 2017 02:36 AM

නරකද කාර් රේස් එකත් පටන්ගත්ත නම් ?

:       0       0

waanjaya Saturday, 29 July 2017 09:09 PM

මහනුවර නගරය වාහන දුමින් පිරිලා ඉන්දියන් බස් ලදරන් නිසා පමණක් දුම් කොපමණ එකතු වෙනවද ද්ව්ත්ව පහරේ එන්ජින් අනිත් එක මෙහි මුලින්ම අදහස් පල කල සරත් කරුණු හොඳින් පැහැදිලි කර තිබෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site