චමිල් රූපසිංහ
කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේග්‍රාම ශක්ති වැඩසටහනේදී එහි සිටි රජයේ නිලධාරින් තමන්ට අවශ්‍ය ගැටළු ජනාධිපතිතුමගෙන් ඇසීමට ඉඩ නොදුන් බවට කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයේ ලේඛම් ඇතුලු ගම්වාසීහූ කිහිප දෙනෙක් වැඩසටහන අවසානයේදී විරෝධය දැක්වූහ.
ඔවුන් විරෝධය දැක්වුයේ තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටළුවක් ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින් ඉඩ නොදුන් බව සඳහන් කරමිනි.
එලෙස විරෝධය දැක්වුයේ ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් අද (11) යටිනුවර කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේදීය.
එහිදි මධ්‍යම පළාත් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේඛකාධිකාරී කැටපිටිය පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කහගල සුමනජෝති ස්වාමින් වහන්සේ සහ පැමිණ සිටි ජනතාව තමන්ගේ ගම්මාන වල ගැටළු ඉදිරිපත් කළේය.
ජනධිපතිතුමන් විසින් එම ගැටළු වලට විසදුම් ලබාදීම සඳහා අදාල අංශවලට උපදෙස් ලබාදුන්නේය.
එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළ ගැටළු වල සඳහන් ඉදිකිරීම් කටයුතු සඳහා ලක්ෂ 35 ක මුදලක් ලබාදීමට පොරොන්දු වූ අතර ගැටළු සම්බන්ධව අදාල නිලධාරීන් දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
මේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේඛකාධිකාරී කැටපිටිය පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කහගල සුමනජෝති ස්වාමින් වහන්සේ , වරකාපොල දොරවක සීලවිමල පිරිවනේ පරිවේනාධිපති දර්ශනපති රාජකීය පණ්ඩිත කෝන්ගස්විල පියරතන ස්වාමින් වහන්සේ , නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක , මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහ රජයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ග්‍රාම ශක්ති වැඩසටහනේදී ජනතාවගෙන් විරෝධයක්