IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානුවන් සිව් දෙනෙක් බේරාගනිති

ඩි.ජී.සුගතපාල                      

                  
ගාල්ල වරායේ සිට කිලෝ මීටර් 200ක් පමණ දුරින් බෝට්ටුව අනතුරට පත්වීම නිසා මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ජාතික ධීවරයින් සිව් දෙනෙකු බේරා ගෙන මේ වනවිට ගොඩ බිමට ගෙන එමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ නාවික කඳවුර පවසයි.


මෙම සෝමාලියානු ජාතිකයින් පැමිණි බෝට්ටුව අනතුරට පත්වී ඔවුන් මුහුදේ පාවෙමින් සිටියදී ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් විසින් ඔවුන් බේරාගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරට දන්වා ඇත.


ඒ අනුව ඊයේ රාත්‍රි 7 ට පමණ නාවික හමුදාවේ නන්දිමිත්‍ර යාත්‍රාව එම පිරිස ගෙන ඒම සඳහා පිටත්ව ගොස් ඇති අතර අද සවස තුන පමණ වනවිට ගාල්ල ධීවර වරාය වෙත ඔවුන් රැගෙන ඒමට හැකි වෙතැයි නාවික හමුදාව පවසයි.



අදහස් (0)

මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානුවන් සිව් දෙනෙක් බේරාගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site