(සිතුම් චතුරංග)
පලෙයි , කට්ටකාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී බෝට්ටුව පෙරළී අද(28) උදෑසන අතුරුදහන්ව ඇතැයි පලෙයි පොලිසිය කියයි.
අයහපත් කාලගුණික තත්වය තිබියදී, ධීවරයින් දෙදෙනකු පලෙයි කට්ටකාඩු ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර බෝට්ටුව පෙරළී එක් ධීවරයකු අතුරුදහන්ව ඇත. පෙරළුණු බෝට්ටුවේ එල්ලී අනෙක් ධීවරයා දිවිබේරාගෙන ගොඩබිමට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කළේය.
එලෙස අතුරුදහන්ව ඇත්තේ පලෙයි , කට්ටකාඩු පදිංචි ප්‍රනාන්දුපිල්ලෙයි අරුල්නේෂන් නැමති 60 හැවිරිදි ධීවරයෙකි.
අනතුරින් දිවි බේරාගත් අනෙක් ධීවරයා පවසා ඇත්තේ උදෑසන මුහුද රළුවී එක්වර විශාල රැළිමතුවීම හේතුවෙන් තමන් ගමන්ගත් බෝට්ටුව පෙරළී අනෙක් පුද්ගලයා අතුරුදහන්වූ බවය.
අතුරුදහන්වූ ධීවරයා සොයා පලෙයි පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව පෙරළී අතුරුදන්