IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුහුණු පොතෙන් තරුණියන් රැවටූ දන්ත වෛද්‍යවරයා අත්අඩංගුවට

(චමිල් රූපසිංහ)
 
ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රවටා ඇසුරු කළැයි කියන පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයකු පේරාදෙණිය පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගනු ලැබීය.


මෙම වෛද්‍යවරයා විසින් ෆේස්බුක් ගිණුම් හරහා ඇමැතුම් ලබාදී ත්‍රිකුණාමලය, ඉරට්ටුවෙයිකුලම්, තංගල්ල ප්‍රදේශයේ හා තවත් නොයෙක් ප්‍රදේශවල කාන්තාවන් හා ආදර සබඳකම් පවත්වා තිබේ.


එක් එක් තරුණියන් සමඟ වසර 9,4,2 වැනි කාලයක් තුළදී සම්බන්ධකම් පවත්වා ඇති අතර ආදරය කරන කාලය තුළදී මුදල් හුවමාරු කිරිම් හා තෑගි  හුවමාරු කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.


මෙලෙස මෙම වෛද්‍යවරයා විසින් එක් තරුණියකට පේරාදෙණිය උද්භිත උද්‍යානයට එන ලෙස පණිවුඩයක් යවා ඇති අතර එම තරුණිය උද්‍යානයට පැමිණි අතර අනිත් තරුණියන් ද මෙලෙස උද්‍යානයට පැමිණි තිබේ.


මෙම ‍වෛද්‍යවරයාගෙන්  එක් තරුණියක් උදේ ආහාරය ගත්තා ද විමසු විට තවම කෑම නොගත් බවත් පවසා ඒ අවස්ථාවේදී අනික් තරුණිය සමඟ ආහාර ගනිමින් සිටින බවද වෛද්‍යවරයා සමඟ සිටි තරුණිය පොලිසියට පවසා ඇත.


මෙම වෙද්‍යවරයා පේරාදෙණිය උද්භිද උද්‍යානයට එක් තරුණියක් සමඟ අද (19) දින පැමිණ ඇති අතර අනික් තරුණියන් දෙදෙනා ද එම ස්ථානයට පැමිණ තිබේ.


එවිට උරණ වු මෙම තරුණියන්ව රැවටු වෙද්‍යවරයා පේරාදෙණිය පොලිසියට බාර දී ඇති අතර පේරාදෙණිය පොලිසිය මගින් ඉදිරි විමර්ශන සිදුකරයි.



අදහස් (0)

මුහුණු පොතෙන් තරුණියන් රැවටූ දන්ත වෛද්‍යවරයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site