(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්.චාමින්ද)
රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ නිවසකට මුහුණ ආවරණය කරගෙන ඇතුල් වු අයෙකු කැගසුවොත් මරණ බවට තර්ජනයකර නිවසේ සිටි තරුණියකගේ ගෙල බැඳි රන්මාලය හා නිවසේ පහළ මාලයේ පවත්වාගෙන යනු ලබන වෙළදසැළේ තිබු මුදල් සහ සිගරට් සොරකම් කරගෙන ගොස් ඇති බැව් රත්ගම පොලිසිය කියයි.
විසිඑක් හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මවගේ මහ ගෙදර මවගේ නංගි, ආච්චි හා සහෝදරිය සමග පදිංචිව සිටින්නිය. ඇය රාත්‍රී නින්දට ගොස් සිටියදි ශබ්දයක් ඇසිම නිසා අවදිවි නාන කාමයට ගොස් නැවත කාමරයට පැමිණ තිබේ. එහිදි මුහුණ ආවරණය කරගෙන පැමිණ අයෙකු තරුණියගේ මුහුණට විදුලි පන්දම දල්වා කැගසුවොත් මරණ බවට තර්ජනයකර රුපියල් 72000ක් පමණ විටිනා රන් මාලය කොල්ලකාගෙන නිවසේ කෑම කාමරය ආසන්නයේ ඇති ජනේලයෙන් පිටව ගොස් ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව මෙම තරුණිය විසින් වැඩිදුරටත් නිවස පරික්ෂා කිරිමේ දි නිවසේ පහළ මාලයේ පවත්වාගෙන යනු ලබන වෙළද සැලේ තිබු මුදල් රුපියල් 53350ක් හා රුපියල් 9.800ක් වටිනා සිගරට් තොගයක් සොරකම් කරගෙන ගොස් ඇති බවද සඳහන් වේ. පසුව රත්ගම පොලිසිය විසින් නිල සුනඛයින් හා සොකෝ නිලධාරින් ගෙන්වා පරික්ෂණයක් සිදුකර ඇත. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුහුණු ආවරණය කරගත් තරුණයකු නිවසකට කඩාවැදී රන්මාලය, මුදල් සොරාගනියි