ජුඩ් සමන්ත
මෙහෙකාර සේවයට පැමිණ එම නිවසේ තිබූ රුපියල් 10,95,000 ක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ගෙන ගිය බව කියන කාන්තාවක්ව ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - වැලිපෑලැස්ස ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.
දරුවන් දෙදෙනකුගේ මවක් වන ඇයගේ ස්වාමිපුරුෂයා ද විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මෑතක බව පොලීසිය කියයි.
ආරච්චිකට්ටුව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ වයෝවෘද්ධ මව රැකබලා ගැනීම සඳහා මෙම කාන්තාව සේවයට ගෙන ඇත.
තම නිවසේ තිබූ ස්වර්ණාභරණ සියල්ල මංජුසාවක බහා ආරක්ෂාව සඳහා ගෙමිදුලේ වළ දමන්නට ව්‍යාපාරිකයා කටයුතු කර ඇත.
අවශ්‍යතාවයක් සඳහා තමන් වළ දැමූ ස්වර්ණාභරණ පිළිබඳව පසුගිය 15 වැනි දා ව්‍යාපාරිකයා සොයා බලා තිබේ. වළ දමා තිබූ ස්වර්ණාභරණ මංජුසාව පිටින් අතුරුදන් වී ඇති බව එහිදී අනාවරණය වී ඇත.
ඉන්පසුව සිද්ධිය පැමිණිල්ලක් ලෙස ආරච්චිකට්ටුව පොලීසිය වෙත යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර ඇති ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මායා රංජන් මහතා මෙහෙකාරකමට සිටි කාන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇගේ ගනුදෙනු සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බලා ඇත. ඊට අමතරව උපාය දූතයින් යොදා තොරතුරු රැස්කිරීම ද සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙකාර සේවය ඇවිත් ස්වර්ණාභරණ සොරකම් කළ කතක් අත්අඩංගුවට