IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මහඔය පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කරයි

සමන් පාලිත  නානායක්කාර 

මහඔය පොලිස් බල  ප්‍රදේශයට අයත්  35  කනුව ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි මහඔය පොලීසිය කියයි.

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහඔය 35 කණුව  පදිංචි අත්තනායක මුදියන්සේලාගේ අමරවංශ නමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

නිවෙසේ අලුත්වැඩියාවක් සඳහා ලෑලි සොයා ගොස් එන අතරතුර ප්‍රධාන මාර්ගයේදී   ඔහුට වෙඩි තබා  ඝාතනය කර ඇති බවට මියගිය  තැනැත්තාගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වන විට  මහ ඔය රෝහලේ තැන්පත් කර ඇත. 

සැකකරුවන් මිය ගිය තැනැත්තාගේ  බෑණනුවන් දෙදෙනෙකු  බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන්  දෙදෙනා අත්අඩංගුවට  ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

 මහඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

මහඔය පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 809 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2454 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site