IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 18 කට දඩ

(රංජිත් රාජපක්ෂ)
 
බගවන්තලාව පොලිස් වසමට අයත් මහඑළිය රක්ෂිතයේ පරිසර හානියක් සිදු කරමින් අනවසර මැණික් ගැරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 18 දෙනෙකු  දඩ නියම කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කළේය.

සැකකරුවන් වරද පිළිගත් නිසා එක් සැකකරුවෙකුට රුපියල් 30,000/- බැගින් චුදිතයන් 18 දෙනාට රුපියල් පන්ලක්ෂ දසදහසක දඩයක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි. 

මෙම සැකකරුවන් බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ වන වගාව , එම රක්ෂිතය හරහා ගලා බසින බෙලිහුල්ඔය ඇළ , කෙසෙල්ගමුඔය ඇළේ ඉවුරු කපා එම රක්ෂිතය තුළ වු වෙනිවැල්කැට ඇතුළු ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වු ඖෂධීය පැළැටි ගණනාවක් විනාශ කරමින් අනවසර මැණික් ගැරිමක නිරතවීම ඔවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
 



අදහස් (0)

මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 18 කට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site