(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවේ මහජන දිනය දැනට මාස 2කට ආසන්න කාලයක් තිස්සේ නොපැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ‘නැවත දන්වනතුරු මහජන දිනය නොපවත්වන බව’ට සඳහන් දැන්වීම මේ දක්වා නගරසභා පිවිසුම් ස්ථානයේ දක්නට ලැබේ. මහජන දිනය පැවැත්වෙන සෑම බදාදා දිනයකදීම නගරාධිපතිනිය, නාගරික මන්ත්‍රීවරුන් හා අදාළ නිලධාරීන් හමුවීමට නොහැකිව සිය ගණනක් ජනතාවට ආපසු හැරීයාමට සිදුව ඇතැයි ද පැවසේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග උද්ගත වී ඇති මෙම තත්වය තවමත් සමනය වී නැත්දැයි එම ජනතාව විමසන අතර නගර සභාවේ පරිපාලනයේ පවතින අසතුටුදායක තත්වය පිළිබඳවද ඔවුහු සිය බලවත් අප්‍රසාදය පළ කරති.
නගර ශාලාවට පිවිසෙන ස්ථානයේ ‘මහජන දිනය නැවත දන්වන තුරු නොපැවැත්වේ’ යන දැන්වීම තවදුරටත් එලෙසටම පවතී.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාස 2කින් මහජන දිනය නැහැ