(ක.ග කරුණාරත්න)
නැගෙනහිර, වයඹ සහ මහවැලි වනජීවී කලාපයන්ට අයත් අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා මාස 10 තුළ වන අලි 161 දෙනෙකු අකල් මරණ වලට ගොදුරු වී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
පොලොන්නරුව සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක දෙකෙහි පමණක් වන අලි 65 දෙනෙකු ගතවූ මාස 10 තුළ අකාලයේ මියගොස් ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ 53 දෙනෙකු සහ කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් අලි මරණ 43 ක්ද වාර්තාවේ.
රිය අනතුරු, දුම්රියේ ගැටීම්, විදුලිය සැර වැදීම්, වෙඩි තැබීම්, හක්ක පටස්, මරඋගුල් යනාදිය මෙම වන අලින්ගේ මරණවලට හේතු වී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වනජීවී පශු වෛද්‍යවරු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාස 10ට වල් අලි 161ක් මැරිලා