අමදෝරු අමරජීව
මසුන් මැරිම සඳහා යොදා ගැනීමට “වෝටර් ජෙල්“නැමැති පුපුරණ ද්‍රව්‍ය කරල් 170ක් සන්තකයේ තබාගත් දෙදෙනෙකු ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් මොහොමඩ් සම්සුදීන් මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගත වුයේ මුතුර් කඩකඩචේනෙයි පදිංචි පරමේෂ්වරන් යුවරාසා හා ත්‍රිකුණාමලය, ජමාලියා පදිංචි අමිර්දීන් අන්වර් යන අයයි. සාම්පුර් වෙරලේ බෝට්ටුවක දමා සඟවා තිබියදී මෙම වෝටර් ජෙල් සමඟ රෙගු ලේටර් තුනක්, ජි.පි.එස්.උපකරණ දෙකක්, ජංගම දුරකථන දෙකක්,ඔක්සිජන් ටැංකි පහක්, කිමිදුම් උපකරණ, යතුරු පැදියක්, එන්ජිමක් සහිත බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදා මැරින් බළකාය විසින් අත්අඩංගුවට ගෙන තම දෙපාර්තමේන්තුවට වැඩිදුර පරික්ෂණ සඳහා බාරදුන් බව ධීවර පරික්ෂක සංජිව රුවන් බණ්ඩාර මහතා මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත් ලබන 10 වැනි දා සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඉදිරිපත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය.
එය දෙපාර්තමේන්තුවේ සහාකර අධ්‍යක්ෂ ඊ.එම්.සී.බෝයගොඩ ප්‍රාදේශීය ධීවර පරීක්ෂක තිලක් බණ්ඩාර සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට