IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මව ගැන නොබැලීයැයි වෛද්‍යවරයාට ගැසූ පුතෙක් සැකපිට

ඩි.ජී.සුගතපාල අහංගම සුමතිපාල දීයගහගේ 
 
තම මවට ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ නොදුන් බව පවසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බව කියන තරුණයෙකු අද (09) සවස ගාල්ල පොලිසිය   අත් අඩංගුවට ගෙන තිබේ.
 

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
 
ඔහු අද  දහවල් නේවාසිකව ප්‍රතිකාර ලබන තම මව බැලිමට  19 වාට්ටුවට ගියවිට දැනගැනිමට ලැබි ඇත්තේ වාට්ටු භාර වෛද්‍යවරයා වි   මව 17 වාට්ටුවට මාරුකර ඇති බවයි. නමුත් මව 19 වැනි වාට්ටුවේම සිට ඇත. එම අවස්ථාවේ වාට්ටුවේ සිටි වෛද්‍යවරයාගෙන් ඒ ගැන විමසූවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ එම වාට්ටුවට ගෙන යාමට කෙනෙකු නැති බවයි. 
 
මවට අමාරුනිසා ට්‍රොලියක තබාගෙන තමා එම වාට්ටුවට මව ගෙන යාමට ඔහු වෛද්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටිවිට ‘තමුසෙට ඕනෑ විදියට කරන්න බැහැ‘ යනුවෙන් පැවසීම නිසා දෙදෙනා අතර බහින් බස්විමක් සිදුව ඇති බවත් එහිදි ඔහු වෛද්‍යවරයාට අතින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
 
සිද්ධිය සැලවීමත් සමග  රෝහල් පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි ඇත පසුව වෛද්‍යවරයාද තමාට පහරදුන් බව පවසා රෝහල් ගතව තිබේ. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය. ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (4)

මව ගැන නොබැලීයැයි වෛද්‍යවරයාට ගැසූ පුතෙක් සැකපිට

naradha Wednesday, 09 May 2018 03:57 PM

මා සිතන්නේ මෙවැනි අවස්ථාවක, මේ තරුණයාට ඇවිදීමට අමාරු රෝගියෙකු ට්‍රොලියක තබාගෙන යාමට අවසර දීමේ වරදක් නැත කියයි. මීට හේතුව නම්, රෝගියෙකු ට්‍රොලියක තබාගෙන යාම සඳහා එතරම් විශේෂිත පුහුණුවක් අවශ්‍ය නොවන බැවිනි.

:       0       227

නිශාන්Thursday, 10 May 2018 03:06 AM

කෙනෙක් නැත්නම් රෝගියාව ගෙනියන්න රෝගියාගේ තත්වය බලා ගෙන යාමට අවසර දෙනවා ඇරෙන්ඩ වෙන විකල්පයක් නැත. මොවුන් තේරුම් ගත යුතුයි රෝගියාට සහ රෝගියාගේ පාර්ශ්වයේ අයට තියන හැගීම් සහ වේදනාවන් රෝගියකු රෝහල් ගත කරාම. රෝගියකු රෝහල් ගත කරාම රෝගියා සහ රෝගීන්ගේ අනෙකුත් පිරිස ඉතා අසරණ වේ. ඔවුන්ගේ සියලු අයිතීන් අත්හල යුතුයි.

:       0       1

rasika Wednesday, 09 May 2018 08:55 PM

ගහපු එක අනුමත කරන්න බැහැ. හැබයි වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාප අනුමත කරන්න බැහැ කූමක්වත්. සාමාන්‍ය මනුසයෙක්ට කතා කරන්න දන්නේ නැහැ. තමන්ගේ මව ට බෙහෙත් නොකර ඉන්නකොට තරහයාම සාධාරනයි. නමුත් වෛද්‍යවරුන්ගේ රැකියාවේ ආචාරධර්ම පැහැර හැරීම ගැන සොයන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මොකද මේ අය ඉගෙන ගන්නේ නොමිලේ. සාමාන්‍ය ජනතාවගේ මුදලින්. ඉතින් ඔවුන්ට සේවය කරන්න එක තම වගකීම.

:       0       1

ජීවක Thursday, 10 May 2018 03:26 AM

කොන්ද පන තියෙන එම තරුණයාට අපගේ ප්‍රනාමය. මිනිස්සු වැඩි දෙනෙක් ඔලුව නමාගෙන ඉන්න හින්දා තමා ඔය වෛද්‍යවරු ඔය වගේ හැසිරෙන්නේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site