සමන් විජය බණ්ඩාර
මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (29) ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඡන්දය ලබා දීමෙන් වැළකී සභා ගර්භයෙන් පිට වී ගිය අතර ඒ අනුව 2019 අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද 21 හිමිකර ගනිමින් 2019 අයවැය කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු බලයේ සිටින එජාපයට හැකි විය.
මෙම ඡන්ද විමසීමේ විශේෂත්වය වන්නේ ශ‍්‍රීලනිප නියෝජනය කරන මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් 5 දෙනාගෙන් තිදෙනෙක් පමණක් එජාපයේ මංගල අයවැය සඳහා පක්ෂව ඡන්දය ලබා දිමයි.
ඒ අනුව මංගල අයවැය ඉදිරිපත් කිරිමේදි ඊට පක්ෂව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 16 දෙනා පක්ෂව ඡන්දය අයවැය කෙටුම්පතට ලබා දුන් අතර ශ‍්‍රීලනිප නියෝජනය කරන උප සභාපති කේ.එම්.සී. බණ්ඩාර, එම පක්ෂයේ කාන්තා මන්ත‍්‍රීවරියන් දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙන ලදී.
මෙහිදි ජනතා පක්ෂය නියෝජනය කරන රුවන් කුමාර මන්ත‍්‍රීවරයාත් ස්වාධින කණ්ඩායමක් නියෝජනය කරන නෆිර්ඛාන් මන්ත‍්‍රීවරයා ද පක්ෂව ජන්දය භාවිතා කරන කළේය.
මෙහිදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ජයන්ත කුමාර මහතා ඡන්දය ලබා දිමෙන් වැළකී සිටියේය.
මෙම ඡන්ද විමසන අවස්ථාවේදී ඊට විරුද්ධ වෙමින් ඡන්දය ලබා දීමෙන් වැළකී පොදුජන පෙරමුණේ විපක්ෂ නායක කේ.ජි. පියතිස්ස මහතා ඇතුළු එම කණ්ඩායමේ 16 දෙනා සහ ශ‍්‍රීලනිප නියෝජනය කරන කාමිල් සහ අසාම් මන්ත‍්‍රීවරයා ද පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් ද සමගින්ම සභාවෙන් අයවැය ඡන්දය ලබා නොදි පිටව ගියාය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි