IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝල් ගසකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)

වැලිපැන්න,  මීගම දර්ගා නගරයේ පදිංචි පුද්ගලයකුට  නිවසක් තුළදී  මෝල්ගසකින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  කාරියවසම් ඉදිපෙලගේ කපිල නමැති 35 හැවිරිදි අයෙකි.

 සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සැකකරු  මීට වසරකට පමණ පෙර ඉතාලියේ රැකියාවක් කරමින් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඉඩම් මිලදීගෙන වැවිලි කටයුතුවල නිරත වන්නෙකු  ලෙස ජීවත් වී ඇති අතර  ඔහු  මිය පුද්ගලයාගේ ඥාතියකු  බව පොලිසිය පවසයි.

 මියගිය පුද්ගලයා ඊයේ (19)   රාත්‍රියේ පිහියක් රැගෙන පැමිණ තර්ජනය කරමින් සැකකරුගෙන්  මුදල් ඉල්ලු බවත්, තමා සතුව මුදල් නොමැති බව ඔහු   පැවසූවිට බැංකුවෙන් මුදල් රැගෙන දෙන්නැයි පවසා ඔහු  නිවස තුළ රඳවාගෙන සිටි බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

අනතුරුව  ඝාතනයට ලක් වු පුද්ගලයා රාත්‍රීයේ  නින්දට ගිය අවස්ථාවේදී  ඔහුට මෝල් ගසකින් පහර දුන් බව  සැකකරු පොලිස් හදිසි ඇමැතුම් ඒකකය (119) හරහා  පොලීසියට දැනුම් දුන් බවත් ඔහු පොලීසිය හමුවේ වැඩි දුරටත් පාපොච්ඡාරණයක් කර ඇතැයි පොලීසය සඳහන් කරයි.
 
 මෙම ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. 

වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

මෝල් ගසකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32187 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14661 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 63 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 331 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site