(දයාරත්න ඇඹෝගම)
වසර ගණනාවක සිට මල්වතු ඔය ඉවුරු ආරක්ෂා නොකිරීම හේතුවෙන් එහි ඉවුරු සේදී ගොස් ජලාශය ගොඩ වී ඇති අතර, විශාල ගස් වැටී මල්වතු ඔය අවහිර වීම හා කැලිකසල මල්වතු ඔය දෙපස රැඳී තිබීම හේතුවෙන් ඔයද ගොඩ වී තිබේ.
ආක්‍රමණික ශාක විශාල වශයෙන් මල්වතු ඔය ආක්‍රමණය කර තිබීම හේතුවෙන් පහසුවෙන් ජලය ගලා යා නොහැකී වීමෙන් සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය පිටාර ගලා අනුරාධපුර නගරයේ ජයන්ති මාවත සහ ඒ ආසන්නයේ පිහිටි රාජ්‍ය ආයතන පෞද්ගලික නිවාස යටවීම සුලබ දසුනකි.
ඒ අනුව ඉදිරි සතිය තුළ මල්වතු ඔය තුළ පවතින ආක්‍රමණික ශාක හා අපද්‍රව්‍යය ඉවත් කර ජලය පහසුවෙන් බැස යන ලෙස ඔය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
ඒ අනුව එම වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් අද (4) මල්වතු ඔයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
" ආපදාවට පෙර සූදානම" වැඩසටහන යටතේ නැවත ගංවතුර තත්වයක් ඇති වීමට පෙර, ගංවතුර තත්වය අවම කරගැනීම සඳහා මල්වතු ඔය තුළ පවතින කැලිකසල, ආක්‍රමණික ශාක හා මල්වතු ඔය තුළ පවතින සේදී ගිය පස් තට්ටු ඉවත් කිරීමට නියමිතය. නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යයවරයා මෙසේ පැවසීය.
වර්ෂා කාලයට මල්වතු ඔය පිටාර ගැලීමත් සමගින් අනුරාධපුර නගරයේ විශාල පවුල් ප්‍රමාණයක් අවතැන් වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි මල්වතු ඔයේ වතුර බැහැලා යන්න තියෙන බාධාව.
ඒ නිසා අපි ලබන සතිය වන විට නිළධාරීන් සමඟ සාකච්ජා කරලා ඉදිරි මාස 2 තුළ මල්වතු ඔයේ ජලය බැස යා හැකි පරිදි ඇළ සුද්ධ පවිත්‍ර කිරීමටත්, පවතින බාධාවන් ඉවත් කිරීමටත්, ජලය බැස යාමේදී ගැටලු ලෙස පවතින පාලම්, බෝක්කු පුළුල් කිරීම මගින් ජලය පහසුවෙන් ගලා යා හැකි ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීම කරනවා.



2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්වතු ඔය සුද්ධ කරයි
දිමුත් Wednesday, 04 July 2018 11:38 AM
ලොකු ගස් ටිකට වැඩේ දෙන්නද යන්නේ?