(එච්. චන්දන )
මන්නාරම - නීන්තාලවීල් රජයේ රක්ෂිතයේ පාලීආරු ඔයේ හා ඒ ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම සම්බන්ධව සැකපිට පුද්ගලයින් 13 දෙනකු හා වැලි පැටවූ ටැක්ටර් රථ 03 ක් අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන කාර්යාලය කියයි.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මඩුපාර අඩවි වන කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව වෙල්ලංකුලම බීට්ටුවේ පාලීආරු ඔය හා රක්ෂිතයේ ස්ථාන ගණනාවක අනවසරයෙන් වැලි කපා ඉවත් කරමින් තිබූ ට්‍රැක්ටර් රථ 03 ක් හා සැකකරුවන් 13 දෙනෙකු අද (12) දහවල් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැලි පැටවීමට භාවිතා කල සවල් 06 ක් , උදළු 04 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම දිසා වන නිළධාරී එම්.එස්.පි.එන් කැකුලන්දර මහතාගේ උපදෙස් පරිදි මඩුපාර අඩවි වන කාර්යාලය අඩවි වන නිළධාරී අශෝක ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් වෙල්ළුකුලම හා මුල්ලිකුළම වන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කලේය.
සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරම රක්ෂිතයක වැලි ගොඩදැමූ පුද්ගලයින් 13 ක් අත්අඩංගුවට