IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශවලට තැපැල් ඇමතිගෙන් චෝදනාවක්

(මොහොමඩ්  ආසික්)

අකුරණ රෝහල සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ සහාය නොදක්වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය  එම්.එච්.ඒ.හලීම් මහතා කීය.

අද (02) වැනිදා අකුරණ රෝහල සඳහා රුපියල් මිලියන 43 ක වියදමින් ඉදි කරනු ලැබූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හලීම් මහතා මෙසේද කීය.

දැනට මාස කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම රෝහලට පැමිණි අවස්ථාවේ රෝහලට පවතින් අවශ්‍යතා පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට කිව්වා නමුත් ඊයේ වන තුරුම එම වාර්තාව යවා තිබුණේ  නෑ.

මම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කළා. නමුත් වාර්තාව නොලැබුණ බව කිව්වා.පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කළ විට වාර්තාව යැව්ව බවක් කිව්වා. නමුත් මට පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලුවත් ලැබුණේ නෑ.

මම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් අවුරුදු 10 ක් මධ්‍යම පළාතේ කටයුතු කර තිබෙනවා. ඒ කාලයේ අපි මේ පළාතේ සෞඛ්‍ය සේවය දියුණු කරන්න, නව රෝහල් ගොඩනැගිලි සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටවන්න කටයුතු කළ ආකාරය  සොයා බලන ලෙස මම ඉල්ලා සිටිනවා.

වර්තමානයේ අකුරණ රෝහල සංවර්ධනය කිරීමේදී පළාත් සෞඛ්‍ය අංශ මේ විදිහට මන්දගාමීව කටයුතු කරන හේතුව තමන්ට නොතේරන බවද මෙම රෝහල ඒ  09  මාර්ගයේ  පිහිටා ඇති  සිංහල දෙමළ  මුස්ලිම්  විශාල පිරිසක් දිනපතා සේවය ලබාගන්නා ප්‍රධාන රෝහලක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

 

 



අදහස් (0)

මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශවලට තැපැල් ඇමතිගෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32413 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14917 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site