(සුදත් එච්. එම්. හේවා)
දික්ඔය මුලික රෝහලේ පවතින හෙද හිඟය හේතුවෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමට නොහැකි තත්වයක් උදා වි ඇත.
ඉන්දියානු රජයේ අාධාර මත මෙම රෝහලේ නව රෝහල් ඒකකය ඉදිකළ අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් එම රෝහල පසුගිය මැයි මාසයේදි විවෘත කරන ලදි.
එම රෝහල ඉදිකිරිමේදි දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකයද ඉදිකර ඇති නමුත් මෙම රෝහලේ පවතින හෙද හිඟය හේතුවෙන් එම ඒකක විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ තිලින වීජේතුංග මහතා පැවසීය.
“මෙම රෝහල සදහා 2012 වර්ෂයේ හෙදියන් 92ක් සිටිය යුතු බව සදහන් වෙනවා .එහි මේ වන විට හෙදියන් 120 සිටිය යුතුයි.මන්ද මෙය ඒ ශ්‍රේණියේ රෝහලක් බවට මේ වන විට පත්ව ඇති නිසා.“
“එහෙත් මේ වන විට මෙහි සේවය කරන්නේ හෙදියන් 60 දෙනයි. මෙම තත්ත්වය මත මෙහි දැඩි හෙද හිඟයක් පවතිනවා.ඒ නිසා දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය ආරම්භ කිරිමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ.“
“එමෙන්ම මෙහි සේවය කරන හෙදියන්ට අවශ්‍ය නිල නිවාස පහසුකම් නිසි ලෙස නැහැ .මෙහි හෙද නිල නිවාස හයක් පමණයි තියෙන්නේ. එම තත්ත්වය මත මෙම රෝහලේ සේවය සදහා හෙදියන් පැමිණීමට අකමැත්තක් දක්වනවා ඇති.මෙම තත්ත්වය මත මෙම රෝහලේ දෛනික කටයුතු කරගෙන යාම අපහසුයි.මේ පිළිබඳව අදාළ බලධාරින්ගේ අවධානය යොමු කර මෙම රෝහලට අවශ්‍ය හෙදියන් ලබා දිමට පියවර ගන්නවානම් මෙම රෝහලින් ප්‍රදේශයේ රෝගින්ට විශාල සේවයක් ලබා දිමට පුළුවන්.“
අද (29) පැවති අඹගමුව ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටු රැස්විමේදී ඒ මහතා මේ බව පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෝදි විවෘත කළ දික්ඔය රෝහලේ හෙද හිඟයක්
modi Wednesday, 30 August 2017 11:17 PM
ඉතින් ඒකට මෝධි පලිද.