(හර්ෂණ තුෂාර සිල්වා)
මාදිවෙල ශ්‍රී රාහුල විද්‍යාලයේ සුහුරු පන්ති කාමරවලින් සමන්විත සිව්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම සහ බහුකාර්ය ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඉදි කිරීම ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදු කෙරුණි.
මෙම සිව්මහල් ගොඩනැගිල්ල සුහුරු පන්ති කාමරවලින්, පරිගණක විද්‍යාගාරයකින්, ගණිතාගාරයකින් සහ විද්‍යාගාරයකින් සමන්විත වන අතර එය ‘මෛත්‍රීපාල සිරිසේන සුහුරු පියස’ යනුවෙන් නම් කර තිබේ. මේ සඳහා වියදම් කර ඇති මුදල් රුපියල් මිලියන 145කි. මෙම ගොඩනැගිල්ල සුහුරු පන්තිකාරවලින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු සිව් මහල් ගොඩනැගිල්ල බව ද එහිදි කියැවිණි.
බහු කාර්ය ගෘහස්ත ක්‍රීඩංගනයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදි මුල්ගල් තැබිණි. බහුකාර්ය ගෘහස්ත ක්‍රීඩාංගනය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කර ඇත.
මෙම බහුකාර්ය ගෘහස්ත ක්‍රීඩාංගනය ආසන 1,500කින් සමන්විතය. මෙම බහුකාර්ය ගෘහස්ත ක්‍රීඩාංගනය මංතීරු අටකින් සහ මීටර 50 දිගින් යුතු පිහිනුම් තටාකයක් සහ රුපියල් මිලියන 152 වියදමෙන් පුහුණුවීම් සඳහා ඉදි කෙරෙන අමතර පිහිනුම් තටාකයකින් සමන්විතය.
වැසීයාමේ අවදානමකට ලක්ව තිබූ මාදිවෙල රාහුල විද්‍යාලය මේ වනවිට නවීකරණය කෙරෙමින් තිබෙන අතර මෙම පාසල ශ්‍රී ලංකාවේ පළමු සුහුරු විද්‍යාලය බව ද මෙහිදි කියැවිණි. අඩක් නවීකරණය කර තිබෙන මෙම පාසල ඉසුර විද්‍යාලය යනුවෙන් නම් කිරීම ද මෙහිදි සිදු කෙරුණි. මෙම පාසලේ දැනට සිසු සිසුවියන් 180කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබති.
මෙම උත්සවයේදී කෝට්ටේ රාජධානිය සිහිපත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මහ සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, පරිසර අමාත්‍ය ගාමිණි තිලකසිරි, බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, මාදිවෙල ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය, සිසු සිසුවියන් සහ මාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා





2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදිවෙල රාහුල විද්‍යාලයේ සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ