(එච්. චන්දන )
හෙරෝයින් සහ අයිස් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ මස 07 වැනිදා දක්වා රදවා ගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු නිර්මාල් ද සිල්වා මහතා මුන්දලම පොලීසිය අවසර ලබා දී ඇත.
රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත්තේ නොරචෝලේ - පුලිදිවායල් පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
වෑන් රථයකින් හෙරෝයින් සහ අයිස් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටින විට ගුවන් හමුදා නිලධාරීන් විසින් සැකකරු පසුගිය 01 වැනිදා මදුරන්කුලිය - නාගවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සතුව හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 12.05 ක් සහ අයිස් මත් කුඩු ග්‍රෑම් 47.5 ක් තිබී ඇත.ගුවන් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් කුඩු තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා මුන්දලම පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මදුරන්කුලියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර