( ඔගස්ටින් ප්‍රනාන්දු )
ගල්මුරුව උඩලටෙවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඇබිත්තයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා අභිරහස් ලෙසින් මිය ගොස් සිටිය දි අද ( 12 ) උදේ සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාත්තණ්ඩිය දුන්කන්නාවේ කලක් විසු රාගම පතිරණලාගේ චමිත් දේශප්‍රිය ( 32 ) නමැති විවාහකයෙකු බව හදුනා ගෙන ඇති බවත් කියයි.
මිය ගිය අය කලක් ගල්මුරුවේ වෙනත් පන්සලක ඇබිත්තකම කරමින් සිට පසුව ඉන් ඉවත් වි පසුගිය මාර්තු මස 2දා උඩලවෙල මෙම පන්සල වෙත ඇබිත්තයා වශයෙන් කටයුතු ආරම්භ කළ බවට තොරතුරු ලද බවත් පොලිසිය කියයි.
මිය ගොස් සිටි අය ඊයේ ( 11 ) රාත්‍රි විහාරස්ථන භුමිය තුළ රැදි සිටි බවත් අද ( 12 ) උදේ ඔහු විහාරස්ථානය තුළ බිම වැටි සිටිය දි දැක බැලු විට ඔහු මිය ගොස් ඇති බව හෙළිවි පසුව පොලිසියට දන්වා ඇති බවත් කියයි.
හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මරණය සම්බන්ධයෙන් වාර්තා කර පශ්චාත් මහේස්ත්‍රාත් පරික්ෂණය කරවා මෘත ශරීරය පශ්චාත් වෛද්‍ය පරික්ෂණය සදහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල කරා ගෙන යාමට පියවර ගත් බවත් කියයි
මාදම්පේ පොලිසිය පරික්ෂණ සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2442
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාදම්පේ ගල්මුරුවේ විහාරස්ථානයක ඇබිත්තියෙක් හදිසියේ මිය යයි